“සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවයි” දුම්රිය, බස් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි!

රට තුළ පවතින ලොක්ඩවුන් සීමා ඔක්තොබර් මස පළවැනිදා ඉවත්කිරීමෙන් අනතුරුව සියලු ම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළයුතු වේ. ඒ අනුව රාජ්‍ය සේවකයන් කැඳවීමට අදාළ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක දී මේ පිළිබඳ තීරණ ගෙන තිබේ. එම තීරණ අනුව ලබන මාර්තු මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට ආයතනවලට කැඳවීමට තීරණය කර ඇති බව…

Read More

ශ්‍රී ලංකාව එන්නත් ලබා දීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා කළ රටවල් 10 අතරට!

කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා කළ රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව our world in data වෙබ් අඩවිය සඳහන් කරනවා. එම වෙබ් අඩවියේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව 5.4ක ප්‍රතිශතයක් වාර්තා කර ඇති බවයි.

Read More

ඩොලර්වලින් බදු ගෙව්වොත් වාහන ගෙන්වන්න අවසර!

මෙරට රේගුවට ගෙවිය යුතු බදු මුදල් එක්සත් ජනපද ඩොලර්වලින් ගෙවීමට එකඟවන පුද්ගලයන්ට වාහන ආයනයනය සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි. මෙම කොන්දේසියට යටත්ව මෙරටට වාහන ආනයනය කිරීම සඳහා සැලකිය යුතු කාලයක සිට විවිධ පාර්ශ්ව වෙතින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයිද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි. මෙම ක්‍රමවේදයට අනුව විදේශිකයන් වාහනයක් මිලදී ගත හැකිවන්නේ විදේශගතව සිටින පුද්ගලයකුට පමණි. එවැනි පුද්ගලයකු මිලට ගන්නා වාහනයක් මෙරටට ගෙන්වීමේදී එය රේගුවෙන් නිදහස් කරගන්නා පුද්ගලයාද එක්සත් ජනපද ඩොලර්වලින් රේගු බදු ගෙවිය යුතුය. මෙම යෝජනාව මේ වසරේ දෙසැම්බර්…

Read More

රට විවෘත කිරීම ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්!

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ, රට විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරි දින දෙක තුළ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය. ශ්‍රි ලංකා යුද හමුදාවේ 72වන සැමරුම වෙනුවෙන් මහනුවර ශ්‍රි දළදා මාළිඟයේ පැවැති ධජ පුජා වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම අදහස් පළ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ…

Read More

යාළුවාගේ බිරියට නිල් දසුනක් යැවූ පො.කොගේ වැඩ තහනම්!

මිතුරු පොලිස් කොස්තාපල්වරයාගේ බිරියගේ ජංගම දුරකතනයට වැට්ස්ඇප් හරහා අසැබි දසුනක් යැවූ බව කියන අධිවේගි මාර්ගයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් උසස් නිලධාරයෙක් පැවැසීය. මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මර්ග සංචාරක කොට්ඨාසයට අනුබද්ධ බද්දේගම අන්තර් හුවමාරුවේ රාජකාරි කළ කොස්තාපල්වරයෙකි. කොස්තාපල්ගේ බිරිය තම සැමියාට මේ සම්බන්ධයෙන් දැනුම් දිමෙන් පසු ඔහු කළ පැමිණිල්ලක් කර ඇත. ඒ සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ රාජකාරී කරන සහකාර පොලිස් අධිකාරිවරයකු මේ සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව වැඩ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු යොදා ඇත.

Read More

රාජ්‍ය සේවකයන් කැඳවීම ගැන තීරණයට අද විශේෂ සාකච්ඡාවක්!

රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවය ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු දෙනාගේ එකඟතාව ඇතිව වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව රාජ්‍ය සේවා පළාත් සභා පළාත් හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවැසීය. මේ අතර රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය රාජ්‍ය සේවකයන් කැඳවිය යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව එම අමාත්‍යාංශය පවසයි.

Read More

මෙවර අය වැයෙන් නොසිතූ ලෙස වාසි ගොඩාක්!

මෙවර අය වැයෙන් සෑම ග්‍රාම නිළධාරි වසමක් සඳහාම රුපියල් ලක්ෂ 40ක් බැගින් ලබා දීමට තීරණය කර අති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා සදහන් කළා. මාවනැල්ල කොට්ඨාසයේ පලාත් පාලන ආයතන නියෝජිතයින් සමඟ පැවැති සාකචිඡාවකදී මහින්දානන්ද අලු‍ත්ගමගේ අමාත්‍යවරයා සදහන් කළේ මෙවර අය වැයෙන් සංවර්ධන කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තිරණය කර ඇති බවයි. එහිදී පලාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ද රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. කොරෝනා වසංගතය හේතුවෙන් ඇන හිට ඇති ග්‍රාමීය සංවර්ධන කටයුතු ලබන…

Read More

වාහන ගන්න ඉන්න අයට සුභම සුභ ආරංචියක්!

විදේශ විනිමය මෙරටට ගලා ඒම සිදු වන ආකාරය සලකා බැලීමෙන් වාහන ආනයන තහනම පිළිබඳ සලකා බැලිය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. වාහන ආනයනය පමණක් නොව දැනට ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉදිරි කාලයේදී විදේශීය විනිමය ආදායම් අනුව තුලනය කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමිනි. ශ්‍රී ලංකාව දැනට සාර්ථක ලෙස කොරෝනා එන්නත් කරණයේ යෙදෙන නිසා ඉක්මනින් සංචාරක ව්‍යාපාරය නැවතත් ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත්, අපනයනය…

Read More

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය!

පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආයතනය සහ යුනෙස්කෝ ආයතනය නිර්දේශ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය. එන්නත්කරණය ආශිර්වාදයක් කරගෙන පාසල් කඩිනමින්ම විවෘත කිරීමට සැලසුම් කළ යුතු බව කී පාදෙනිය මහතා මෙරට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනාම සිටින්නේ පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතුයි යන මතයේ බවද ප්‍රකාශ කළේය. පාසල් වසා දැමීම නිසා දරුවන්ගේ නිසි වර්ධනයට ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

Read More

රට විවෘත කරන්න සැළසුම් සුදානම්!

රට ලබන  පළමු  වැනිදා අලුයම හතරට  විවෘත  කිරීමට හැකි වන පරිදි  සියලු කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. මේ අනුව  රට  විවෘත  කිරීමට  අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය. සෞඛ්‍යය, පොදු ප්‍රවාහන, කෘෂිකර්මය, රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය  යනාදි අංශ ඉලක්ක කර  මෙම සැලසුම් සකස් කෙරෙන බවත්  එම සැලසුම් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධ  කෙරෙනු ඇති  බවත්  ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය. එසේම ජනතාවට අවශ්‍ය  කෙරෙන  දැනුවත් කිරීම් කරන ලෙස සියලු අමාත්‍යංශවලට උපදෙස්දී ඇතැයිද …

Read More