එදිරිසිංහලා 4 දෙනාට එරෙහි නඩුවේ ඉදිරි කටයුතු අවසන්

ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සිව්දෙනාට එරෙහිව කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ ඉදිරි කටයුතු අවසන් කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (03 දා) නියෝග කළේය.

එම සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මූල්‍ය ව්‍යාපාර පනත යටතේ අධිචෝදනා ගොනුකර ඇති බව දන්වමින් විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment