ජංගම අලෙවි රථ 31 වන දා සිට සෑම ප්‍රදේශයකටම

අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම අලෙවි රථ එළඹෙන 31 වනදා වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පසුගිය දින කිහිපය තුළ ජංගම අලෙවි රථ බොහෝ ප්‍රදේශවල ගමන් නොකිරීම පිළිබඳව කළ විමසීමකදී යුද හමුදාපතිවරයා අද උදෑසන “දෙරණ අරුණ“ වැඩසටහනට සහභාගී වෙමින් කියා සිටියේය.

මේ අතර එළවලු රැගත් ලොරි අද දිනයේ ද මැනිං වෙළෙඳපොළ වෙත පැමිණ තිබූ බව වෙළෙඳ සංගම් නියෝජිතයින් පවසයි.

අද දිනයේ මැනිං වෙළෙඳපොළ වසා තැබුණ ද හෙට (30) සහ අනිද්දා (31) එය විවෘතව තැබෙන අතර නිසි දැනුවත් කිරීමක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳුන් අපහසුතාවට පත්වන බව ද ඔවුන් ප්‍රකාශ කළේය.

මේ අතර දඹූල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ද අද දිනයේ එළවලු මිලදී ගැනිම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙළෙඳුන් පැමිණ සිටි බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

ආර්ථික මධ්‍යස්ථානය අද දිනයේ විවෘත නොකිරීම හේතුවෙන් තමන් දුෂ්කරතාවට පත් වූ බව එම වෙළෙඳුන් පැවසුවේය.

Related posts

Leave a Comment