“එක්ස්ප්‍රස් පර්ල්” ගින්න නිවීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් සහාය ලැබේ

කොළඹ වරායට ආසන්න මුහුදේ හදිසි ගිනි ගැනීමකට ලක්වූ සිංගප්පූරුවට අයත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් ගුවනේ සිට නෞකාවේ ගින්න මතට ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 425ක් හෙලීම සිදුකළේය.   ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ නෞකාවේ ගින්නේ වර්ථමාන තත්වය පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීමටද කටයුතු කළ බවයි.

Related posts

Leave a Comment