හරක් හොරුන් අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට ගුටි බැට

පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඒ ගව ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදූ වූ පහරදීමකිනි. අනුරාධපුර, පරසන්ගස්වැව, අලුත්ගම ප්‍රදේශයේ දී ගව ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදූ වූ පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. (27) වෙනිදා රාත්‍රි එකොළහට පමණ අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව එම නිලධාරින් මෙම ගව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කොට තිබේ. එහිදී සිදු වූ ජාවාරම්කරුවන්ගේ පහර දීමකින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මෙලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පස් දෙනකුගෙන් පමණ යුතු පොලිස් කණ්ඩායමක් අලුත්ගම ප්‍රදේශයේ ගව ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම ජාවාරම්කරුවන් පොලිස් නිලධාරීන් වෙත උල් ආයුධයකින් පහරදී පලා යෑමට උත්සහ කර තිබේ. එහිදී මෙම පොලිස් නිලධාරින් විසින් එම ගව ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි සිදු වූ පොර බැදීමෙන් මෙම ජාවාරම්කරුවන් ද තුවාල ලබා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පැවසේ. මෙම සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි කාලයක් පුරා ගව ජාවාරමේ යෙදෙන පුද්ගලයන් බවද පොලිසිය පවසයි.

Related posts

Leave a Comment