බොරු පතුරුවන වෙබ් අඩවි දෙදහසකට වැඩ වරදී

ජාතික ආරක්‍ෂාවට එරෙහි තොරතුරු ප‍්‍රචාරය කිරීම අසල්වැසි රටවල් සමඟ  අර්බුද ඇති කිරීම, ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ කීර්තිනාම විනාශකිරීම, විදේශ තානාපති කාර්යාල සමඟ එක්ව සාවද්‍ය තොරතුරු පළකිරීම ඇතුළු ශ‍්‍රී ලංකාවට එරෙහිව ප‍්‍රචාර මෙහෙයවන සමාජජාලා අඩවි 2000කට අධික සංඛ්‍යාවක් අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.
 
 මෙම සමාජජාලාවල නිසි හිමිකරුවෙක් නැතැයි බුද්ධි අංශ රජයට දැනුම් දී තිබේ.
 
 එහෙත් එම සමාජජාලා වෙබ් අඩවි මෙහෙයවන කණ්ඩායම් මෙරට සිටින බව හෙළි වී ඇත.
 
 මෙම අයිතිකරුවන් නැති සමාජජාලා අඩවි අහෝසි කිරීමේ තීරණයට නීතිපති දෙපාර්තමේන්තුව අනුමැතිය දී ඇතැයි රජයේ ඉහළපෙළේ ආරංචිමාර්ග පැවසීය.

Related posts

Leave a Comment