මෙරට කොවිඩ් මරණ 1,400 සීමාව ඉක්මවයි

තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 42 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඊයේ දිනයේ සිදුවූ මරණ 06ක් සහ ඊට පෙර සති දෙකක කාලය තුළ සිදුවූ මරණ 36ක් වශයෙන් ඒවා සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,400 යේ සීමාව ඊයේ ඉක්මවා යමින් මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 1,405 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ කොරෝනා මරණ 42 අතර උග්ගල්බොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් සහ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද වේ. ඊයේ තහවුරු කළ කොරෝනා මරණ බොහොමයකට හේතු වී ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

ඉන් මරණ 08 ක්ම නිවෙස් තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ මරණ 42 න් මරණ 04 ක් පෞද්ගලික රෝහල් තුළ සිදුව තිබේ.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාතයින් 2,827 දෙනෙකු වාර්තා විය.

Related posts

Leave a Comment