ඕනෑම අසූචි වලක ලැගිය හැකි චම්පික වගේ අවස්ථාවාදී කප්පිත්තන් සමග මොන නව බලවේගද? – විමල්

දේශපාලන තක්කඩින්ගේ සුරංගනා කතා වලට අහුවෙලා මේ රටේ අනාගතය ගොඩනැගීමට නොහැකි බවත්, ඔවුන් මේ රට අපායට රැගෙන යාමට සිටින පිරිසක් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ආ සමයේ අන්තිම ජනාධිපතිවරණයට පෙර වූ අවසන් කැබිනට් රැස්වීමේදී සජිත් ප්‍රේමදාස සහ පාඨලී චම්පික කිසිදු හඬක් නොනැගූ බව හෙතෙම පවසයි.

මේ දිනවල පාඨලී චම්පික උදය ගම්මන්පිල බන්දුල ඇතුළු පිරිස සමඟ විමල් වීරවංශ මහතා හා එක්ව ඉදිරි වැඩ කටයුතු වැඩ කටයුතු කරගෙන යාමට සාකච්ඡා කරන බව පවසා ඇති බවත් තමා කතා කරනවා තියා එවැනි දේශපාලන පිංගුත්තරයෙක් දිහා නොබලන බවත් හෙතෙම පවසයි.

සමාජ මාධ්‍ය පවසන අයුරින් නව බලවේගයක් ගොඩනැගීමට තමන් එකඟ වී නොමැති අතර ප්‍රතිපත්තියක් නොමැති දේශපාලඥයන් සමඟ නව බලවේගයක් ගොඩනැගිය නොහැකි බවත් අමාත්‍යවරයා පවසයි .

ප්‍රතිපත්තියක් නැති ස්ථාවරයක් නැති රටක් ජාතියක් පිළිබඳ හැඟීමක් නැති ඕනෑම අසුචි වලක ලැගිය හැකි තමා විසින්ම දොන් ජුවන් ධර්මපාල යැයි කිවූ රනිල් වික්‍රමසිංහට දියසේන කුමාරයායි කිය කියන අවස්ථාවාදී කප්පිත්තන් සමඟ ගොඩනගන දේශපාලන බලමුළු මොනවාදැයි ඔහු ප්‍රශ්න කරයි.

ඔහු මෙම අදහස් පැවසූවේ දෙරණ 360 දේශපාලන සාකච්ඡාවට එක්වෙමිනි.

Related posts

Leave a Comment