කලවානේ බස් රථයක් පෙරළී 34 දෙනෙකුට තුවාල

රත්නපුර කලවාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ අද (30) පෙරවරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.

එම බස්රථය කලවාන ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව නිවිතගල පොලීසිය සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

Related posts

Leave a Comment