සෞඛ්‍ය රීති නොතකා දේවදානයක් සැකසූ පිරිසක්

සංචරණ නීති රීති උල්ලංඝනය කරමින්, සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිනොපදිමින් ඇල්ල බල්ලකෙටුව නාවලගම මැදවෙල ක්‍රීඩා පිට්ටනියේ දේවදානයක් සකස් කරමින් සිටි පිරිසකට පෙරේදා (29) තරයේ අවවාද කර පිරිස විසුරුවා හැරී බව ඇල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.

නාවලගම මැදවෙල ප්‍රදේශයේ තරුණයන් පිරිසක් වෙසක් උත්සවය නිමිත්තෙන් මැදවෙල ක්‍රීඩා පිටියේ වෙසක් කූඩුවක් සාදා ප්‍රදර්ශනය කර ඇති අතර, පසුව එය අවසන් වීමෙන් අනතුරුව ගම්වාසීන්ගේ දායකත්වය මත දේව දානයක් දීමට පෙරේදා (29) කටයුතු සූදානම් කර තිබේ.

මේ අවස්ථාවේ රාජකාරි කටයුත්තක් සඳහා එම ස්ථානයෙන් යතුරුපැදියේ ගමන් කරමින් සිටි ඇල්ල බල්ලකැටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එච්.එම්. නලීම්, දෙමෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.වයි.එම්. රිස්වාන් යන මහත්වරුන් නාවලගම මැදවෙල ක්‍රීඩා පිට්ටනියේ පිරිසක් ඒකරාශි වී සිටින බව දැක එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමේදී ගම්වාසීන් පිරිසක් දේව දානයක් දීමට කටයුතු සිදු කරන අයුරු දැක ඇත.

මොවුන් ඒ වන විටත් දානය දීමට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන විත් දානය සකස් කිරිමට සහල් ගරමින් සිටියේ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එච්.එම්. නලීම් මහතා කීය

Related posts

Leave a Comment