ගිනි ගත් නැවේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ගනී

පොලිසිය පවසන්නේ පසුගියදා ගිනි ගැනීමට ලක් වූ පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කිරීම අද (31) සිදු කරන බවයි. මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය 25 දෙනකු පමණ සිටින අතර ඔවුන්ගේ නිරෝධායන කාලය ඊයේ (30) අවසන් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම වරාය පොලිසිය විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා සිදු කරන බවයි. මෙම නැවේ ගිනී ගැනීමෙන් සමුද්‍රයට සහ පරිසරයට හානියක් සිදුව ඇති බවට සමුද්‍රීය පරික්ෂණ ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරීවරයා එයින් පසුගිය 23දා වරාය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. මේ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නැවේ ගිනි ගැනීම් සිදුවීම සම්බන්ධයෙන් මුහුදු ජල සාම්පල් ආදිය පසුගිය 25 වෙනිදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණි.

Related posts

Leave a Comment