අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම රථ අද සිට රටපුරා

අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම අලෙවි රථ අද (31) සිට දිවයිනේ සෑම ප‍්‍රදේශයකම යෙදවීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයින’පුවත්පතට පවසා තිබේ .

පසුගිය දින කිහිපය තුළ බොහෝ ප‍්‍රදේශවල ජංගම අලෙවි රථ ගමන් නොකිරීම පිළිබඳව ජනතාව නගන චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපතිවරයා එසේ සඳහන් කර ඇත .

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා එම භාණ්ඩ ඒ ඒ ප‍්‍රදේශවලට බෙදාහැරෙන බවද හෙතෙම සඳහන් කරයි .

‘‘පසුගිය දවස්වල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහරින ලොරි රථ ගම් ඇතුළට ඇවිත් නැත්නම් මම ඒ ගැන සොයා බලන්නම්. මේවා හැමදෙයක්ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක‍්‍රියාත්මක වෙන්නේ. අපිට මේ කටයුතු භාරදීලා නැහැ’’ යැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

Related posts

Leave a Comment