වසංගතය පාලනයට පොදු ප්‍රතිපත්ති මාලාවක් සැකසිය යුතුයි

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලික වී සකස් කළ යුතු බවයි. මාධ්‍ය වෙත ඊයේ (30) විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙම කෙටුම්පත සැකසීමට වෙනත් කිසිවකුට ලබා නොදිය යුතු බවත් ඒ සඳහා ආණ්ඩුවේ නොවන පක්ෂ නායකයන් සමඟ හා පාර්ලිමේන්තුවේ විපක්ෂය සමඟ සාකච්ඡා කොට ඔවුන් ගේ අදහස් හා යෝජනාද ලබා ගත යුතු බව අවධාරණය කළ ඒ මහතා විපක්ෂයේ සියලු පක්ෂ තම යෝජනා ලබාදී ඊට උදව් කරන ලෙස ඉල්ලා සිටියේය. වෛද්‍ය ක්ෂේත්‍රයේ අය, ව්‍යාපාරිකයන් ඇතුළු විද්වතුන් සමඟද මේ ගැන සාකච්ඡා කිරීම වැදගත් බව සිය අදහස බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. සියලු දෙනා එකතුව සාකච්ඡා කිරීමෙන් පසු මාසයක් වැනි කාලයක් තුළ සියලු දෙනාට එකඟ වූ කෙටුම්පතක් රටට දිය හැකි වෙන බව අවධාරණය කළ ඒ මහතා වසංගත පාලනයට අවශ්‍ය නීතිද මේ යටතේ සම්මත කරගත හැකි අතර අද වන තෙක් වසංගතය පාලනය වෙනුවෙන් අප රටේ කිසිදු නීතියක් සම්මත කර නොමැති නමුත් ලෝකයේ අනෙක් රටවල් අවශ්‍ය නීති සම්පාදනය කර ඒවා ක්‍රියාත්මක කරමින් සිටින බවද පෙන්වා දුන්නේය.

Related posts

Leave a Comment