සංචරණ සීමා ලිහිල් නොවේ – ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

රජය පසුගියදා ප්‍රකාශ කලේ දැනට මුළු දිවයිනටම පනවා ඇති සංචරණ සීමා අද දිනයේ ලිහිල් කිරීමක් සිදු නොවන බවයි. ඒ අනුව ජුනි මස 07 වනදා දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි. කෙසේ නමුත් රජය මීට පෙර ප්‍රකාශ කළේ අද (31) සහ ලබන මස 04 වනදා උදෑසන සිට සංචරණ සීමා ලිහිල් කරන බවයි. නමුත් මැයි 25 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව ඇතිවූ තත්ත්වයත් සමඟ ජුනි මස 07 වනදා දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පසුව රජය තීරණය කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග මිලදී ගැනීම සඳහා ජංගම රථ හරහා නිවෙස් වෙතට ගෙන ඒමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. රජය කියා සිටියේ ඒ සඳහා ජංගම වෙළදුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඊයේ (30) මෙන්ම අදත් (31) ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි.

Related posts

Leave a Comment