කොළඹට ඇතුළු වන ස්ථානවල අධික වාහන තදබදයක් ඇති වීමට හේතුව

අද දින විශාල සංඛ්‍යාවක් කොළඹ නගරයට පැමිණීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොලීසිය පැවසීය.

ඒ අනුව අද (31) උදෑසන සිට කොළඹ නගරයට ඇතුළු වන වාහන සම්බන්ධයෙන් සංගනනයක් සිදුකර තිබේ.

එහිදී උදෑසන 6.30 – 9.30 දක්වා වු කාලයේ දී මහරගම, ගල්කිස්ස, වත්තල, කැලණිය හා පෑලියගොඩ නගර ආශ්‍රිතව එම සංගනයනය සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම සංගනනයේ දී අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලයින් සඳහා ආයතන ප්‍රධානීන් විසින් නිකුත් කර ඇති ලිපි කිසිදු විධිමත්භාවයක් නොමැති බවට අනාවරණය වී තිබේ.

අදාළ ලිපිවල ඉලෙක්ට්‍රොනික පිටපත් හි ඡායාරූප 1000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන පරීක්ෂා කිරීමේ දී අදාළ පුද්ගලයා අද දිනයේ දී රාජකාරී කරන්නේ ද යන්න සොයාබැලීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් හෙට (01) දිනයේදී ආයතනවලට ගොස් පරීක්ෂා කිරීම පොලිස් කණ්ඩායම් යෙදවීමට ද පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සේවය අත්‍යවශ්‍ය නොවන අයට ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කරන බව ද පොලීසිය පවසයි.

Related posts

Leave a Comment