සංචරණ සීමා වල ප්‍රතිඵල ජූනි දෙවැනි සතියේ දැක ගන්න පුලුවන්

කොවිඩ් – 19 වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමාවන්හි ප්‍රතිඵල ජූනි මස දෙවැනි සතියේදී දැක ගත හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය. සංචරණ සීමා පනවා තිබුණ ද එය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ ද යන්න ගැටලු සහගත බවත් මෙම සංචරණ සීමාවන් නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ජූනි දෙවැනි සතියේ දී ආසාදිතයන්ගේ අඩුවක් දක්නට හැකි වනු ඇති බවත් ඒ මහතා කීය. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙසටම ගෙන්වා දීමේ වැඩපිළිවෙළක් නිසි ලෙස සකස් කරන්නේ නම් මෙම සංචරණ සීමා ඉතා ඵලදායීව යොදා ගත හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment