ලංකාවේ ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු මධ්‍යස්ථානය

කොවිඩ් ආසාදිත මහා සංඝරත්නය උදෙසා ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය මහනුවර ස්ථාපිත කර ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය නිවේදනය කරයි.

මෙම මධ්‍යස්ථානය නිල වශයෙන් අද(01)දින සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී තිබේ.

මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව ශ්‍රී දළදා මාලිගාවේ මෙහෙයවීමෙන් මෙය ස්ථාපිත කර තිබේ

Related posts

Leave a Comment