හේරා බංග්ලාදේශයට එක්වීමට සූදානමක්?

හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ අංශයභාර පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක ඩැනියෙල් විටෝරි මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ අංශයභාර පුහුණුකරු ලෙස කටයුතු කළේය.

කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බංග්ලාදෙශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු පුහුණුකරු ඩැනියෙල් විටෝරිට එම කණ්ඩායම සමගින් එක්වීමට නොහැකිවීම නිසා හේරත්ට මෙම තනතුරට ඉල්ලුමක් ලැබී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හේරත් පවසා ඇත්තේ තමන්ට බංග්ලාදේශ ක්‍රිකට් ආයතන‍යෙන් ඉල්ලීමක් ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවත් ය.

ටෙස්ට් ඉනිම් 170 කදී කඩුළු 433 ක් දවා සිටින හේරත් ලංකාව වෙනුවෙන් දෙවැනි වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා ‍මෙන්ම ලොව වැඩිම ටෙස්ට් කඩුළු ප්‍රමාණයක් දවාගත් වමත් පන්දු යවන්නාද වේ.

Related posts

Leave a Comment