නගරාධිපතිට කේක් කැපීමට ආරාධනා කළේ මමයි – ඕනෑම තැනක රාජකාරි කිරීමට සූදානම් : කුරුණෑගල ASP කියයි!

කුරුණෑගල නගරාධිපති වරයාට කේක් කැපීමට ආරාධනා කළේ තමා බව සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා ‘‘දිවයින’’ පුවත්පතට පවසා තිබේ .
 
 ඒ හේතුවෙන් ස්ථාන මාරුවක් ලැබුණද තමා දිවයිනේ ඕනෑම ස්ථානයක රාජකාරි කිරීමට සූදානම් බවත් හෙතෙම සඳහන් කරයි.
 
 කුරුණෑගල පොලිසිය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට ආරාධිතයන් ලෙස සහභාගි වූයේ නගරාධිපතිවරයාත්, ඔහුගේ බිරිඳ සහ ඉඩම් ව්‍යාපාරිකයකු පමණක් බවත් එය ආවරණය කිරීමට මාධ්‍යයටද ඇරයුම් කළ බවත් සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා කියා සිටී.
 
 නගරාධිපති තුෂාර සංජීව මහතාට මෙම උත්සවයට ආරාධනා කළේ හදිසියේම බවත් එහිදී කේක් කපන බව ඔහු දැන නොසිටි බවත් පැවසූ ඒ මහතා පොලිස් නිලධාරියකු ලෙස තමන් ඕනෑම ප‍්‍රදේශයක රාජකාරි කිරීමට සූදානම් බවද වැඩිදුරටත් පවසයි .

Related posts

Leave a Comment