පොලිසියේ ඉල්ලීමට කේක් කැපුවා – දේශපාලනය එපා වුනා – කුරුණෑගල නගරාධිපති කියන කතාව

සිය උපන් දිනය වෙනුවෙන් පොලිසියේ ඉල්ලීමට කේක් කැපීමේ සිද්ධිය සම්බන්ධ පුවත නිසා තමා ඉදිරියේදී දේශපාලනයෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ‘‘දිවයින’’ පුවත්පතට පවසා තිබේ.
 
 එම අවස්ථාවට සීමිත පිරිසක් සහභාගී වූ බවත් බොහෝ දෙනකු පිරිත් ශ‍්‍රවණය කරනු ලැබුවේද නිවෙස්වල සිට බවත් හෙතෙම සඳහන් කරයි.
 
 එහිදී සිය උපන්දිනය නිමිත්තෙන් කේක් කපන්නැයි පොලිසිය කළ ඉල්ලීම මත තමා කේක් කැපූ බවත් එම අවස්ථාවට කිහිපදෙනකු පමණක් සහභාගිවූ බවත්
 නගරාධිපතිවරයා කියා සිටී.
 
 එහෙත් එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය අනුව තමාට දේශපාලන ද එපා වී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි .

Related posts

Leave a Comment