තවත් කොවිඩ් මරණ 43ක් සමග සමස්ත කොවිඩ් මරණ 1500 පනී

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 43 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු ඊයේ (01) තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 1527ක් ලෙස ඉහළ ගොස් ඇත.   ඊයේ දිනයේ සිදුවූ එක් මරණයක් සහ මැයි 20 – 31 අතර කාලය තුළ සිදුවූ මරණ 42ක් මෙසේ තහවුරු කර තිබේ.   එම මරණ 43න් 12 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 31දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.   හෙම්මාතගම, පානදුර, දෙවළපල, කොළඹ 15, ඉරක්කමම්-02, නාරම්මල, පමුණුගම, හීනටියංගල, වක්වැල්ල, ගාල්ල, කොච්චිකඩේ, සීදුව, මහකිත්ගම, කොළඹ-05, මාතලේ, හොරණ, උස්සාපිටිය, මහරගම, ලුණුවිල, මාතලේ, නොච්චියාගම, අනුරාධපුරය, දිවුලපිටිය, දෙහිවල, මාලුමුල්ල බටහිර, හබරුගල, කළුතර, බද්දේගම, කොටුගොඩ, වත්තල, ඩෙල්ෆ්-යාපනය, වැලිකඩ බන්ධනාගාර රෝහල, රුවන්වැල්ල, යටියන්තොට, කොළඹ-07 සහ ඇල්පිටිය යන ප්‍රදේශවලින් එම කොවිඩ් මරණ වාර්තා වී තිබේ.

Related posts

Leave a Comment