අද වාහන පරීක්ෂාවේ දී විශේෂිත ස්ටිකරයක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1‍,038 දෙනෙකු ගතවු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි.  නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට පත් සංඛ්‍යාව 1000 ඉක්මවු දෙවන දිනය මෙය වේ.  ඒ අනුව මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 20,140කි.  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ(01) දිනයේ සිදුකල ඩ්‍රෝන මෙහෙයුම්වලින් ද පුද්ගලයින් 07දෙනෙක් අත්අඩංගුවට ගත් බවය.   අද (02) දිනය තුළ වාහන පරීක්ෂාවේ දී විශේෂිත ස්ටිකරයක් ඇලවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.   එමඟින් එකම වාහනය අවස්ථා කිහිපයකදී පරීක්ෂා කිරීම නිසා සිදුවන ප්‍රමාදය වළක්වා ගැනීම අරමුණ බව ඔහු සදහන් කළේය.

Related posts

Leave a Comment