කටුනායක ගුවන්තොටින් ඊයේ මගීහු 768ක් දිවයිනට

ශ‍්‍රී ලංකාවට ගුවන් මගීන්ට පැමිණීමට අවසරය හිමිවීමත් සමග ඊයේ (01) දින අලූ‍යම 12.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 10 කින් ගුවන් මගීන් 768 දෙනෙකු පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.


ඒ අනුව මැදපෙරදිග රටවල් වන කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය සහ මාලදිවයින යන රටවල සිට මෙම ගුවන් යානා පැමිණ තිබුණි.

එසේම 06/01 දින දහවල් 12.00 සිට මධ්‍යම රාත‍්‍රී 12.00 වනතෙක් කාලය තුළ ද තවත් ගුවන් මගීන් 296 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

Leave a Comment