බංකොලොත් දේශපාලනය ඉමොජියෙන් වගහන්න ගිය විපක්ෂයේ ෆේස්බුක් මෙහෙයුම කුජීත වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඉලක්ක කරගනිමින් විපක්ෂ කණ්ඩායම් එල්ල කල fake reaction මෙහෙයුමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වෙමින් ඇත. මීට කලකට ඉහතදී මේ ක්‍රියාවලිය ආරම්භ වී ඇති අතර ඊයේ දිනයේදී ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ පලකල පොස්ටුවකට එල්ල වූ ප්‍රහාරය සමඟ මේ පිළිබඳව කල සොයා බැලීම් හමුවේ එය ක්‍රියාත්මක කරන කණ්ඩායම් පිළිබඳව කරුණු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව පලවී ඇති සමාජ ජාල පළකිරීම් කිහිපයක දැක්වෙන්නේ මෙය විපක්ෂ කණ්ඩායම් විසින්  සංවිධානාත්මකව සිදුකල ක්‍රියාවලියක් බවයි.

මෙසේ ව්‍යාජ ඉමොජි වලින් ha ha reactions භාවිතා කරමින් මීට පෙරද ජනපති පිටුවට ප්‍රතිචාර දැක්වූ මෙම කණ්ඩායම එහි screen shots භාවිතා කරමින් ව්‍යාජ ප්‍රවෘති නිර්මාණය කලේ ජනාධිපතිවරයාට ජනතාව ha ha React දමමින් විවේචන එල්ල කරන බවටයි, ඊයේ දිනයේ එම පිරිසම ජනපති පිටුවට love react දමමින් එහි screen shots ගෙන ප්‍රවෘත්ති නිර්මාණය කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ පිටුවට ව්‍යාජ ලෙස reaction දමා ගන්නා බවටයි.

මේ කරුණු කෙසේ වෙතත් විපක්ෂය දිගින් දිගටම උත්සාහ ගන්නේ ජනාධිපතිවරයාට දැඩි විවේචන එල්ල කරමින් හා මෙසේ අතේ පත්තුවෙන බොරු සමාජගත කරමින් ජනතාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන බවට මතයක් ජනගත කිරීමට බව පැහැදිලිය. ජනාධිපතිවරණයට පෙරද මේ පිරිස හැසිරුනේ මේ අයුරින්ම වුවත් ඔවුන්ගේ බොරු සියල්ල ඇස් පනාපිටම ඔප්පු වුයේ බොරුවට ආයුෂ නැති බව පසක් කරමිනි. නමුත් ඒ පිරිස ඉන් පාඩමක් ඉගෙනගෙන නැති අතර දිගින් දිගටම කරන්නේ බොරුවෙන් හා වංචාවෙන් තමන්ට ජනතා ආකර්ෂණය ලබා ගැනීමට මඟක් සෙවීමය.

ජනාධිපතිවරයා මේ සියල්ලට පැහැදිලි පිළිතුරක් දී ඇත. ඒ තමන්ට වසර 5ක කාලයක් ලබාදී ඇති නිසා තම ධුරකාලය අවසන් වනවිට තමන් විනිශ්චය කරන ලෙසයි. ඒ නිසා සමාජ මාධ්‍ය වල බංකොලොත් විපක්ෂය සහ ඔවුන්ට කඩේ යන හැච්චෝ බැච්චෝ සහ කුඩ්ඩො මොනවා කීවද ලෝක ව්‍යසනයක් මධ්‍යයේ ජනාධිපතිවරයා සහ රජය ගෙනයන වැඩපිළිවෙල දෙස බහුතරයක් දෙනා බලා සිටින්නේ තවමත් බලාපොරොත්තු සහගතවය.

මේ සම්බන්ධව පළවූ සමාජ මාධ්‍ය සටහන්…

Related posts

Leave a Comment