අදෘශ්‍යමාන නැවක් අහසේ පාවේ!!! (PHOTOS)

එංගලන්ත වෙරළට ඔබ්බෙන් වූ දුර්ලභ දෘෂ්‍ය මායාවක ප්‍රතිඵලයක් ලෙස නැවක් පාවෙන ලෙස පෙනෙන ඡායාරූපයක් ඡායාරූපගත කර තිබෙනවා..

ඩේවිඩ් මොරිස් නමැති පුද්ගලයකු කෝර්න්වෝල් හි ෆල්මූත් වෙරළ අසල ඇවිද යමින් සිටියදී නැවේ ඡායාරූපයක් ලබාගෙන තිබෙනවා.

මෙවැනි විශ්වාස කල නොහැකි දෘෂ්ඨි මායාවන් සිදුවන්නේ ආලෝකය සහ විශේෂ වායුගෝලීය තත්වයන් හේතුකොටගෙන බව BBC පුවත් සේවයේ කාලගුණ විද්‍යාඥ ඩේවිඩ් බ්‍රේන් සඳහන් කර තිබෙනවා.

මෙවැනි සත්‍ය නොවන මැවී පෙනෙන දර්ශන ආක්ටික් ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන නමුත් ශීත ඍතුවේ දී එක්සත් රාජධානියේ ඉතා කලාතුරකින් පෙන්නුම් කළ හැකි බව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

Related posts

Leave a Comment