පවතින වියළි කාලගුණ තත්වයේ වෙනසක් හෙට (06) සිට බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේම අද (05) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව බව එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
හෙට සිට පවතින කාලගුණ තත්වයේ වෙනසක්
