දෙසැම්බරයට පෙර “ෆයිසර්” එන්නත් ලක්ෂ 50ක් ගෙන්වීමට සැලසුම්

කොරෝනා මර්දන අමෙරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් මේ වසර අවසන් වන විට මෙරටට ගෙන්වීමට ආණ්ඩුව තීරණය කරයි. මේ එන්නත් තොගය ගෙන්වීමේ පළමු අදියර යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ජූලි මාසය තුළදී මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය. මේ වන විට රට තුළ කොවිඩ් මර්දන එන්නත් වර්ග තුනක් භාවිත කරන අතර, කොවිෂීල්ඩ්, ස්පුට්නික් v, සයිනොෆාම් ඒ අතර වේ. කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව මෙරට ජනගහනයෙන් 1,766,636කට දී ඇති අතර, දෙවැනි මාත්‍රාව මෙරට ජනගහනයෙන් 351,017කට දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.

Related posts

Leave a Comment