ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් “සිනොවැක්” චීන එන්නතටත් අනුමැතිය

ලෝක සෞඛ්‍ය සංවිධානයේන් චීනය විසින් නිපදවනු ලබන සිනොවැක් කොවිඩ් මර්දන එන්නතට අනුමැතිය ලැබී ඇත. චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතටද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි විය. සිනොවැක් එන්නත ඵලදායි සහ ගුණාත්මකභාවය සහතික කර ඇතැයි ද, එය හදිසි භාවිතය සඳහා සුදුසු මට්ටමක පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ගේබ්‍රියේසිස් පෙරේදා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වීමටත් පෙර රටවල් ගණනාවක් සිනොවැක් කොවිඩ් මර්දන එන්නත භාවිතයට ගෙන ඇත. චිලී, බ්‍රසීලය, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, තායිලන්තය සහ තුර්කිය ඒ අතර වෙයි. බීබීසී පුවත් සේවය පවසන පරිදි මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් මිලියන 10ක් නිෂ්පාදනය කර ඇති බවත්, වසර අවසානය වන විට බිලියන 3ක ඉලක්කයක් කරා යෑමේ බලාපොරොත්තුවෙන් පසු වන බවත් ප්‍රකාශ කරයි.

Related posts

Leave a Comment