කුරුලු උණ යළි හිස ඔසවයි, නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු හමුවෙයි

චීන සෞඛ්‍ය කොමිසම තහවුරු කරමින් කියා සිටින්නේ නැගෙනහිර චීනයේ ජියැන්සූ පළාතේ 41 හැවිරිදි පුද්ගලයකුට කුරුලු උණ වයිරසයට අයත් දුර්ලභ ඝනයේ H10N3 නමැති නව ප්‍රභේදයක් ආසාදනය වී ඇති බවයි . එම නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු හමු වූ පළමු අවස්ථාව ද මෙය වේ. කුකුළු මස් ආශ්‍රිතව රැකියාවන්හි නිරත වන පුද්ගලයන් අතර කුරුලු උණ වයිරසයේ විවිධ ප්‍රභේද රැසක් අද වන විට චීනයේ ව්‍යාප්ත වෙමින් පැවැතියද එම වයිරස පෙරේදා හමු වූ පුද්ගලයාට වැලඳුණු H10N3 ප්‍රභේදය බවට මෙතෙක් තහවුරු වී නොමැත.

අදාළ පුද්ගලයා උණ සහ තවත් රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කිරීම මත පසුගියදා රෝහල්ගත කර තිබූ අතර, ඔහුට එම වයිරසය වැලඳී ඇතැයි තහවුරු වූයේ එහිදීය. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බැවින් රෝහලෙන් මුදා හැර ඇති අතර, ඔහුගේ සමීපතමයන් පිළිබඳ කළ විමර්ශනයකදී එම වයිරසය ආසාදනය වූ බවක් මෙතෙක් හඳුනාගෙන නැත. වසර 2016 සිට 2017 දක්වා කාලය ඇතුළත ලොව ව්‍යාප්ත වූ කුරුලු උණ ලෙස හඳුනාගත් H7N9 ප්‍රභේදය ආසාදනය වීමෙන් පුද්ගලයන් 300කට පමණ ජීවිත අහිමි විය.

Related posts

Leave a Comment