ඊයේ කිසිදු කොවිඩ් මරණයක් නැහැ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මැයි 17 වනදා සිට ජුනි 01 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(02) තහවුරු කළ බවයි.   එලෙස මිය ගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් 20දෙනෙකු සහ කාන්තාවන් 19දෙනෙකි.  ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,566 දක්වා ඉහළ ගොස් තිබේ.   ඊයේ (02) දිනය තුළ මෙරටින් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. 

Related posts

Leave a Comment