චන්දිමාල්ගේ උපන්දින සාදයට ආපු මාධවී කෝ? නිරෝධායනයට යැවු පිරිස ප්‍රශ්න කරයි (VIDEO)

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මේ වන විට සමාජ මාධ්‍ය තුල මෙන්ම රටේ දැඩි කතා බහකට ලක්වී අවසන්. ඒ නිරෝධායන රීති උල්ලංගණය කිරීමේ චෝදනාවට එම උපන්දින සාදයට එක්වූ පුද්ගලයින් අතරින් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවීමට ඉදිරිපත් කිරීමෙන්.නිරෝධායන රීති උල්ලංගණය කිරීමේ චෝදනාවට ඇප ලැබූ මෙම පිරිස කොටුව පොලිසිය විසින් අද දිනයේදී පස්සර ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබුවා.මෙම සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අද සවස් කාලයේදී පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුලත්වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම සාදයට සහභාගිවූ බව කියන ජැක්සන් ඇන්තනි ගේ දියණිය වන මාධවී ඇන්තනි නිතිය හමුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් එම සාදයට පැමිණි අනෙක් ප්‍රශ්න කර සිටියේ මේ ආකාරයෙන්.



Related posts

Leave a Comment