නැවේ ගින්නෙන් ඇතැම් පිරිස් බොර දියේ මාළු බානවා – ඇමැති රෝහිත අබේගුණවර්ධන

ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම කිසියම් පිරිසක් දේශපාලනිකව බොර දියේ මාළු බෑමට යොදා ගන්නා බැවින් එවැනි උත්සාහයන් හෙළා දකින බව වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

නැව ගිනි ගැනීම සහ ඒ ආශ්‍රිතව වර්තමානයේ ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (3) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

මෙය අහඹු ලෙස වූ අවාසනාවන්ත සිදු වීමක් බවත් එවැන්නක් දේශපාලනික මුහුණුවරකට පත් කිරීමට කිසියම් පිරිසක් ද්වේශ සහගතව උත්සාහ ගන්නේ නම් එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් අමැතිවරයා කීවේය.

මේ වනවිටත් නැව විනාශ වීමෙන් වූ පරිසර හානිය වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් වගකීම් පැහැර නොහරින ආණ්ඩුවක් ලෙස ඕනෑම අභියෝගයක් ජය ගැනීමට සූදානම් බවත් හෙතෙම පැවසීය.

රජයේ වැරදි වෙතොත් එය පෙන්වා දෙන පිරිස් වෙත හිස නමා වැරදි නිවැරදි කිරීමට ආණ්ඩුව සූදානම් බවත් එහෙත් එකී විවේචන සියල්ල පෞද්ගලික දේශපාලනික දෘෂ්ටි කෝණයෙන් ⁣තොරව දත්ත සහ සාක්ෂි සාධක මත පදනම් වී සිදු කිරීම වැදගත් බවත් ඇමැතිවරයා කීය.

Related posts

Leave a Comment