කාලගුණයෙන් තද වැසි පිළිබඳ රතු අනතුරු ඇඟවීමක්

තද වැසි පිළිබඳ රතු අනතුරු හැඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (04) අළුයම 01.30ට නිකුත් කර තිබේ.  දිවයිනේ නිරිත දිග කොටසේ සහ වයඹ පළාතේ දැනට පවතින දැඩි වර්ෂාපතන තත්වය තවදුරටත් පවතිනු ඇති බවයි එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත. සෙසු ප්‍රදේශවල සවස්කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සදහන්වේ. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය. 

Related posts

Leave a Comment