ආණ්ඩුව රටට කළ හානිය දශක ගණනකට පිළිසකර කරන්න බෑ

විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දශක ගණනාවකට පිළිසකර කළ නොහැකි ලෙස රටක් වශයෙන් ශ්‍රී ලංකාව අගාධයට ඇද දැමීම වත්මන් ආණ්ඩුව කෙටිකලක් තුළ සිදු කර ඇතැයි යනුවෙනි. කොරෝනා වසංගතය මර්දනය කිරීම වෙනුවට ආණ්ඩුව සංදර්ශන පමණක් සිදු කරමින් සිටින බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ,

“මේ වන විට ශ්‍රී ලංකාව වෙන්දේසි බිමක් බවට පත්ව තිබේ. වගකීමක් නැති පාලකයන් විසින් මුළු රටම අනතුර වෙත හෙළා තිබේ. විදේශිකයන්ට සහ ගජ මිතුරන්ට ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමමින් මතු පරම්පරාවේ උරුමයන් වනසා දමා තිබේ. බ්‍රිතාන්‍ය යුගයෙහි ඉදි වූ ඓතිහාසික වශයෙන් වැදගත් කොළඹ, කොටුවේ පිහිටි ගොඩනැඟිලි කිහිපයක් දැනට ඒවායෙහි පවතින භාවිතයන්ගෙන් ඉවත් කොට පෞද්ගලික ආයෝජකයන් වෙත ලබා දීමේ යෝජනාවලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි. ඊනියා සංවර්ධනයක මුවාවෙන් අදාළ මගඩිය සිදු වන බවද වාර්තා වෙයි.”

Related posts

Leave a Comment