කොරෝනා එන්නත් ගෙන්නන්න කළු කඩකාරයන් රිංගලා – මහාචාර්ය චන්න ජයසුමන

විදේශ රටවලින් මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීමට  අතරමැදියන් සේ ඉදිරිපත් වුණු  ඇතැම් පෞද්ගලික අංශයේ  සමාගම් ෆලයිවුඩ් තුනීලෑලි ගෙන්වන ,කන්ටේනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු හෙළිවී ඇතැයි  ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

කොරෝනා  එන්නත්  සඳහා අද ලෝකය පුරා කළු කඩ වෙළඳ  පොළක් නිර්මාණය වී ඇති හෙයින්  ඉන් පරිස්සම් විය යුතු බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය .

අස්ට්‍රාසෙනිකා එන්නත්  ඩුබායි ,අබුඩාබි සාජා ,කැනඩාව ,ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යනාදි රටවල පෞද්ගලික සමාගම් සතුවද පවතින බවත් එම සමාගම්වලින් එන්නත් ගෙන්වීමට මෙරට පෞද්ගලික  සමාගම් ගණනාවක් අතරමැදියන් ලෙස සම්බන්ධ වීමට කැමැත්ත පළ කළ බවත් ඔහු කීය.

ගෙන්වන එන්නත්  මවු සමාගමේ ඒවාදැයි තහවුරු කර ගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි  දැනුම් දුන් අවස්ථාවේ දී ඇතැම් සමාගම්  ඉන් එහාට කටයුතු නොකළ බවද චන්න ජයසුමන මහතා අනාවරණය කළේය.

එන්නත් ගෙන්වීමේදී  ඒවා නිවැරදි ඒවාදැයි තහවුරු කරගැනීම  රජයක වගකීම  බව  ඔහු වැඩිදුරටත් කීය . 

Related posts

Leave a Comment