ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි – සමගි ජන බලවේගය

සංචරණ සීමා හෝ ක්‍රියාත්මක කරලීමට අසමත් ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුව ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ මොහොත වන විට ආණ්ඩුවේ අසමත් බව ඕනෑවටත් වඩා තහවුරු වී ඇති බැවින් ජනතාවගේ ජීවිත සුරැකීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම වඩාත් ප්‍රායෝගික බව ද මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 “සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරලීමට ආණ්ඩුව පියවර ගන්නා බව ප්‍රකාශ කළ ද දක්නට ලැබෙන්නේ ආණ්ඩුව එහිදී ද අසමත් වී ඇති බවයි.

ජනතාවගේ ජීවිත සුරැකීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයැයි අප අවධාරණය කරන්නේ එබැවිනි” යැයිද එහි තවදුරටත් සඳහන් වේ .

Related posts

Leave a Comment