ඉන්දියාව කොවිඩ් මර්දන එන්නත් මිශ්‍ර කිරීමේ හැකියාව සොයයි

මේ දිනවල ඉන්දියාවේ අවධානය යොමු වී තිබෙන්නේ විවිධ වර්ගයේ කොවිඩ් මර්දන එන්නත් මිශ්‍ර කිරීමේ සාර්ථකත්වය අත්හදා බැලීම පිලිබදවයි. දැනට එරට අනුමැතිය ලැබී ඇති කොවැසින්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් v නමැති කොවිඩ් මර්දන එන්නත් මෙසේ අත්හදා බැලීම සඳහා භාවිත කිරීමට නියමිත බව නවදිල්ලියෙන් වාර්තා වේ. එසේ කොවිඩ් මර්දන එන්නත් මිශ්‍ර කිරීමෙන් ආරක්ෂාකාරි සහ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බව ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිශ්‍ර කරමින් එක්සත් රාජධානියේ සහ ස්පාඤ්ඤයේ සිදු කළ ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් මේ පර්යේෂණ මගින් එහි විද්‍යාත්මක සාධක කවරේද යන්න සොයා ගැනීමට හැකි වූවද නිශ්චිත අධ්‍යයනයකින් තොරව එය භාවිත කිරීමට අවසර දිය නොහැකි බව නවදිල්ලි නුවර සෞඛ්‍ය බලධාරිහු පෙන්වා දෙති. ‘විද්‍යාත්මකව එසේ කොවිඩ් මර්දන එන්නත් මිශ්‍ර කිරීමේ හැකියාවක් තිබෙන්නට පුළුවනි. අනිත් අතට එය ඉතා හොඳ දෙයක්. විශේෂයෙන් එන්නත්කරණ වැඩසටහන ඉහළ දැමීමට අපේ වැනි රටවලට එය ඉතා වැදගත් වේවි. එහෙත් පරීක්ෂණ පවත්වමින් ප්‍රමාණවත් සාධක ඉස්මතු කරගන්නා තුරු වර්තමානයේ පවතින එන්නත්කරණ නීතිය යටතේ එවැන්නකට අවසර නෑ.’ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එසේ ප්‍රකාශ කර ඇත.

Related posts

Leave a Comment