කොරෝනා දෙවැනි රැල්ලට ඉන්දියානු වෛද්‍යවරු 594ක් බිලි

ඉන්දියාවේ දැනට පැතිර යන දෙවැනි කොරෝනා වසංගත රැල්ලෙන් මේ වන විට එරට වෛද්‍යවරුන් 594දෙනකු මිය ගොස් ඇති බව ඉන්දීය වෛද්‍ය සංගමය නිවේදනය කර තිබේ.

මෙසේ මිය ගොස් ඇති වෛද්‍යවරුන්ගෙන් බහුතරය එනම් 107 දෙනෙකු දිල්ලි නගරයේ සේවය කළ වෛද්‍යවරුන් වන අතර දෙවැනි කොරෝනා වසංගත රැල්ලෙන් මිය ගොස් ඇති ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් සියයට 45ක්ම දිල්ලි, බිහාර් හා උත්තර් ප‍්‍රදේශ් යන ප‍්‍රාන්ත තුනෙහි සේවය කළ වෛද්‍යවරුන් බව සංගමය කියයි.

පසුගිය වසරේ හටගත් පළමු වැනි කොරෝනා වසංගත රැල්ලේ සිට මේ දක්වා මිය ගොස් ඇති කොරෝනා මර්දන සටනට දායක වූ ඉන්දීය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 1300කට ආසන්න බව ඉන්දීය වෛද්‍ය සංගමය පවසයි.

Related posts

Leave a Comment