කාබනික පොහොර රටින් ගෙන්වීමට අවශ්‍ය නැ… JVP ය බොරු බිල්ලෙක් මවන්න හදනවා

එළඹෙන මහා කන්නයේ සිට ගොවින්ට අවශ්‍ය කාබනික පොහොර සහනාධාර මට්ටමින් සියළු ගොවි ජනතාවට ලබා දෙනවා.

  • කාබනික පොහොර ගෙන්වන්න අවශ්‍ය වන එකක් නැහැ . JVP බොරු බිල්ලෝ මවනවා.
  • ලබන සඳුදා සිට කාබනික පොහොර ලියාපදිංචිය අරභනවා
  • කාබනික පොහොර හදාගන්න ගොවින්ට මුදල් ගෙවනවා.
  • නිශ්පාදනය කරන කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් මිල දී ගන්නවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

පරිසර හිතකාමි කාබනික භාවිතයෙන් වසවිස නැති රටක් ගොඩනැගිමේ අසීරු කාර්යය කුමන අභියෝගය පැමිණිය ද ජයගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා පවසනවා. අද කාෂිකර්ම අමාත්‍යාංයේ දී විශේෂ මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා ඉදිරියේදි කාබනික පොහොර බෙදා දීම හා ගැටළු විසදිම පිළිබඳව කරුණු පැහැදිලි කරා.

“දේශිය තාක්ෂණය, දේශිය අමුද්‍රව්‍ය යොදාගෙන රටට අවශ්‍ය කාබනික පොහොර අපි නිෂ්පාදනය කරවා.සාමාන්‍ය කොම්පොස්ට් අර්ථයෙන් මේ ගැන මේ ගැන හිතන්න එපා. අධි තාක්ෂණයෙන් යුතු ශාක වලට අවශ්‍ය සංඝටක ඇතුලත් ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ලබාදෙන්නෙ රටේ නිශ්පාදනය සැලකිමේදි කාබනික පොහොර ආනයනය අවශ්‍ය වන එකක් නැහැ.ඒ ගැන අපි දැන් සාක්ච්ඡා කිරිම් කර ගෙන යනවා ලබන සඳුදා සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කාබනික පොහොර නිශ්පාදකයින් ලියාපදිංචි කරනවා. එසේම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර සියල්ල පොහොර රාජ්‍ය පොහොර සමාගම හරහා මිලට ගන්නවා. පොහොර සහනාධාරය ගොවින්ට දීපු මුදල් සතයක්වත් අඩුකරන්නේ නැහැ. එලඹෙන මාස් කන්නයේ සිට සහනාධාර ක්‍රමය යටතේම කාබනික පොහොර සෑම ගොවියෙකුටම අපි ලබාදෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් කියලා තිබුණා අපි කාබනික පොහොර කියලා ජරාව ගේන්න යනවා කියලා. කාබනික පොහොර ගේන්න අවශ්‍ය වන එකක් නැහැ. ගෙනාවත් සම්පූර්ණයෙන්ම ජීවානුහරණය කල ප්‍රමිතියෙන් උසස්ම පොහොර ගෙනෙන්නේ වීෂය පිළිබඳ විද්වතුන්ගෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක අනුමැතිය සහිතවයි. පොහොර ආනයනය කරනවා කියලා බිල්ලෙක් මවන්න හදනවා. ගොවි ජනතාවට අපි කියනවා කිසිසේත්ම බියක් ඇති කරගන්න එපා නියමිත පරිදි සහනාධාරය ඒ විදිහටම ලබා දෙමින් අපි ගොවින්ට කාබනික පොහොර එළඹෙන මහ කන්නයේ සිට ක්‍රමවත්ව ලබා දෙනවා.”

  • මෙම මාධ්‍ය හමුවට එක්වු සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපිඨයේ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා :  –

“1965 න් පස්සේ අපි පරිසර හිතකාමි කාබනික වගාවට යොමුවන්නේ. අවුරුදු 57 ක්ම අපි රසායන පොහොර මත පදනම් වුනේ. ලෙඩරෝග, ජිවිත හානි , රසායනික කාෂිකර්මය නිසා සිදු වුණා. තාවකාලිකව බඩ පිරවීමට එහාගිය සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩ නැගිමයි අපි මේ කරන්නේ. සම්පුර්ණ තිබුණු තත්ත්වය කණපිට පෙරලන්නයි මේ උත්සහය. ලෝකයේ අර්බුදයක් ඇවිත් ආනයනය අත්හිටවුවොත් අපිට බඩගින්නේ මැරෛන්න වෙන්නෙ මේ සියළු අභියෝග වලට උත්තරය අපේ රටේ පොහොර හදාගෙන අපේ රටට අවශ්‍ය පරිදි කාෂිකර්මය ගොඩනැගිම. ජනාධිපතිතුමාගේ අරමුණ හෙට රටට ගොඩක් වැදගත්. විනාශ වු පස් ප්‍රකෘතියට ගන්න ගමන් ඉතිරි වු පස හෝ ආරක්ෂා කර ගන්න අපි කඩිනමින් පරිසර හිතකාමි කාබනික වගාවට යොමුවිය යුතුය. හදිසි වුණේ ඉතිරි පසත් රසායන තුලින් විනාශ නොකර රැක ගත යුතු නිසා .”

  • මාධ්‍යවේදියා නැගු ප්‍රශ්ණය : – ඇයි හදිසියේම මේ තීරණය ක්‍රියාත්මක කළේ ?

“කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා : – හදිසියේ නෙමෙයි.සෞභාගයේ දැක්මේ පැහැදිලිව පරිසර හිතකාමි කාබනික කාෂිකර්මයට හරිත රටක් හදන්න පියවර ගන්න බව කියලා තියෙනවා. ජනවරම ලැබුනේ මේ දේවල් කරන්න. මේ ජනතා අපේක්ෂාවන් ඉටුකරන්නේ.  ජනප්‍රිය නොවුනට මේ තීන්දු හෙට රටට අනාගත පරපුරට වැදගත්.”

Related posts

Leave a Comment