හිටපු අමාත්‍ය පී.හැරිසන්ට කොරෝනා!

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි  හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය  අංශ කියයි.

සුළු අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ සිදු කළ ඇන්ටින් පරික්ෂණයෙන් හැරිසන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබේ.

පී.හැරිසන් මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට රැගෙන ඒමහට කටයුතු යොදා ඇත.

Related posts

Leave a Comment