පෙර දැනුම්දී තිබෙන පිරිස් ආරක්ෂිත ස්ථානවලට කල් තියාම යන්න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටින්නේ මේ දිනයන්හි පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර, නාය යෑම් තත්ත්වයන් ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බවට අනතුරු අඟවා ඇති ස්ථානයන්හි ජීවත් වන පුද්ගලයන් ආරක්ෂිත ස්ථානයන්ට කල් ඇතිවම යෑමට පියවර ගත යුතු බවයි. එසේ කල් ඇතිවම ආරක්ෂිත ස්ථානයන්ට යෑමෙන් කොවිඩ් – 19 රෝගය ව්‍යාප්ත නොවීම කළමනාකරණයට ඉතා පහසු වන්නේ යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment