සනත්ට ඔස්ට්‍රේලියා පුහුනුකරු තනතුරක්

ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු සනත් ජයසූරිය පත් කර ඇතැයි වාර්තා වේ. වසර 2021-22 තරග වාරය වෙනුවෙන් මේ පත් කිරීමට සිදු කර ඇතැයි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය පවසයි. මේ ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරන අතර, මෑතකදී ජගත් පිටියෙන් විශ්‍රාම ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් තරංග ද එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. 2011 වසරේ ජගත් පිටියට සමු දුන් 51 හැවිරිදි සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110ක්, එක්දින තරග 445ක් සහ විස්සයි20 තරග 31ක් ක්‍රීඩා කර ඇත.

Related posts

Leave a Comment