සංචරණ සීමා 14න් පසුවත් දීර්ඝ කිරීමට ඉඩ තියෙනවා – ඇමැති කෙහෙළිය කියන කතාව

දැනට පනවා ඇති සංචරණ සීමා ඇතැම්විට ජුනි 14 වැනි දැන් පසුවත් දීර්ඝ කිරීමට ඉඩ ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් ඉදිරියේදී ගන්නා තීරණ ගැන දැන්ම නිශ්චිතව සඳහන් කළ නොහැකි බවද පැවසූ ඔහු සංචරණ සීමා දීර්ඝ කළහොත් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම රජය ගන්නා බවත් පැවසීය.

වසංගතය හමුවේ ලොව කිසිම රටක් නිශ්චිත වැඩපිළිවෙළක් අනුගමනය නොකරන බවත් එළඹෙන තත්ත්වයන් අනුව තීරණ ගන්නා බවත් ඇමැතිවරයා කීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි

Related posts

Leave a Comment