ඊයේ සමස්ත කොරෝනා ආසාදිතයන් 3,103 ක් – මරණ 40 ක්

ඊයේ (05) දිනයේ නැවතත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 3,103 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.එහිදී දේශීයව ආසාදිතයින් 3,094 ක් හඳුනාගත් අතර විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්ගෙන් 09 දෙනෙකු ආසාදිත බව පසුව හඳුනාගත්තා. මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේ ලක්ෂ දෙක සීමාව ඉක්මවා ගියා. ඒ අනුව දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 202,357 ක්. ඒ අතරින් 166,132 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 34,529 ක් වනවා.

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 40 ක් තහවුරු වූණා. එහිදී මැයි 21 දින සිට ජුනි 04 දක්වා සිදුවූ මරණ 39 ක් තහවුරු කළ අතර ඊයේ (05) දින එක් මරණයක් වාර්තා වී තිබූ බව සඳහන් වුණා. ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,696 දක්වා ඉහළ ගියා.

Related posts

Leave a Comment