ආණ්ඩුව සියලු සම්පත් විනාශ කරනවා

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුව රටේ ජනතාව මෙන්ම මුහුද, පොළොව, අහස සහ වාතය යන සියලු සම්පත් විනාශ මුඛයට ඇඳ දමමින් සිටින බවයි. කොවිඩ් වයිරස ව්‍යාප්තියේ අවුරුදු පොකුරට අදාළව මියයන සියලු ජනතාව පිළිබඳ වගකීම වත්මන් ආණ්ඩුව භාර ගත යුතු බවත් කොවිඩ් පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විපක්ෂය දිගින් දිගටම කළ ඉල්ලීම් කිසිවක් ගණනකට නොගෙන අත්තනෝමතික ගමනක් යෑම හේතුවෙන් මේ කනගාටුදායක තත්ත්වය උදා වූ බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

Related posts

Leave a Comment