රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී 7ට පමණ පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු රත්ගම පන්විල නව ජනපදය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

එම පුද්ගලයා යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි අයෙකු වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයාට එරෙහිව ගාල්ල අධිකරණයේ මිනීමැරීමේ චෝදනා නඩු 3ක් විභාග වෙමින් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

Related posts

Leave a Comment