මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 29ක් නාවික හමුදා අත්අඩංගුවට

යාපනය , මුහුදු තීරයේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 29 දෙනකු  අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.

ධීවර බෝට්ටු 11 කින් පැමිණි ධීවරයන් පිරිසක් කිමිදුම් උපකරණ භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටින බවට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාර ධීවරයන් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව කියයි.

සැකකාර ධීවරයින් භාවිතා කළ කිමිදුම් උපකරණ , ඔක්සිජන් ටැංකි හා ධීවර යාත්‍රා එන්ජින්ද නාවික හමුදා භාරයට ගත් බව සඳහන් කළේය.

අත්අඩංගුවටගත් පිරිස මන්නාරම හා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 25 ත් 55 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

Related posts

Leave a Comment