අනිද්දා සිට ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත ලබා දීමට යයි

ගර්භිණී කාන්තාවන්ට කොවිඩ් 19 මර්දන එන්නත දීම අනිද්දා (9) ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (6) පැවසුවාය. ඒ අනුව කොවිඩ් මර්දන ජාතික එන්නත්කරණ වැඩසටහනට ගැබිනි මවුවරුන් ද එක් වන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති ප්‍රදීප් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ගැබිනි මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත දීමේ ජාතික වැඩසටහන නිල වශයෙන් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලෙන් අනිද්දා (9) ආරම්භ කරන බව ද ඒ මහතා පැවසුවේය.

Related posts

Leave a Comment