යලිත් තමිල්නාඩුවේ කොරෝනා ආසාදිතයින් ඉහළ යයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තාවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි. තමිල්නාඩුව සැලකෙනුයේ ඉන්දියාවේ කොරෝනා වැඩිම ව්‍යාප්ති වේගයක් සහිත ප්‍රාන්තය ලෙසය. ඉකුත් පැය 24 තුළ එම ප්‍රාන්තයෙන් ආසාදිතයින් 21,000කට අධික සංඛ්‍යාවක් හදුනා ගැනුනි. ඒ හේතුවෙන් ප්‍රාන්තයේ පනවා ඇති වසා දැමීමේ සීමා ලබන 14වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එසේම දෙවෙනුවට වැඩිම රෝගින් වාර්තා වි ඇත්තේ දකුණු දිග කර්නාටක ප්‍රාන්තයෙනි. ඉකුත් පැය 24 තුළ එම ප්‍රාන්තයෙන් 10,000කට අධික ආසාදිතයින් වාර්තා වී තිබේ. 

Related posts

Leave a Comment