නැවේ ගින්න සොයන්න රනිල් තේරීම් කාරක සභාවක් ඉල්ලයි

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්න සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටී.

විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මෙසේද කියා සිටී.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය තුළට ඇතුළු කරගත් අවස්ථාවේ මේ පිපුරුම වූවා නම් සිදුවන හානිය මෙතෙකැයි කියන්න බෑ. එයින් කොළඹ වරායේ සිට ෂැංගි‍්‍රලා හෝටලය දක්වා වූ ගොඩනැඟිලි සියල්ල විනාශ වෙන්න තිබුණා.

නෞකාව කොළඹ වරායේ පිටත වරායට පැමිණියේ මැයි මස 19 දා රාත‍්‍රියේයි. මැයි 20 දා අපේ කණ්ඩායම් නැවට ඇතුළු වුණා. එහිදී නැවේ ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය ඇතුළත් බහාලූමක ගින්නක් තිබෙන බව දැනගත්තා. මැයි 25 දා වන විට සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය මේ මුහුදු ප‍්‍රදේශයට අනතුරක් වන බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට දැනුම් දුන්නා.

ජනාධිපති, අගමැති ඇතුළු ඇමැතිවරු 20ක්ද, විපක්‍ෂ නායක සහ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 05 දෙනෙක් ඇතුළත් කොට මේ තේරීම් කාරක සභාව පිහිටුවිය යුතුයි. නැවේ ගින්න නිවන්න අපට විදේශ සහාය ගන්න වුණා. එයට ඉන්දියාවේ සහාය ලැබුණත් එය ලබාගත්තේ ප‍්‍රමාද වෙලායි

Related posts

Leave a Comment